ගතවූ මූල්‍ය වර්ෂයේදී $ බිලියන 22 ක මූල්‍ය අතිරික්තයක්

ගතවූ මූල්‍ය වර්ෂයේදී ෆෙඩරල් රජය විසින් ඩොලර් බිලියන 22 ක මූල්‍ය අතිරික්තයක් වාර්තා කර තිබෙනවා.

වසර 15 කට පසු මූල්‍ය අතිරික්තයක් සටහන් කල පළමු අවස්ථාව මෙය බවයි භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් සඳහන් කලේ.

එමෙන්ම ලේබර් පක්ෂ රජයක් විසින් එවැන්නක් වාර්තා කර ඇත්තේ 1990 වසරෙන් පසු එනම් වසර 33 කට පසුව වීමද විශේෂත්වයක්.

මෙය ඔස්ටේ්‍රලියාවේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 0.9 කට සමාන වනවා.

පසුගිය මූල්‍ය වර්ෂයේදී දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 100 කට ආසන්නව පැවතී තිබෙනවා.

මේ වනවිට මෙරට ශුද්ධ ණය සටහන් වන්නේ ඩොලර් බිලියන 87.2 ක් ලෙසයි.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »