ජනමත විචාරණයට ලියාපදිංචිවූවන් වාර්තා කිහිපයක් බිඳ හෙළයි

ලබන මස 14 වනදා පැවැත්වෙන ස්වදේශික හඩ ජනමත විචාරණය සඳහා තරුණ ප්‍රජාව සහ ස්වදේශික ජනතාව ලියාපදිංචි වීමේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.

පසුගිය සඳුදායින් අවසන් වූ ලියාපදිංචි කාලයේදී සුදුසුකම් ලත් ඔස්ටේ්‍රලියානුවන් අතුරින් සියයට 97.7 ක් ඡන්ද විමසීම සඳහා ලියාපදිංචි වී ඇති බවයි මැතිවරණ කොමිසමේ සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

ඒ අනුව මිලියන 17.5 ක පමණ පිරිසක් මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වී ඇති බව සඳහන්.

ස්වදේශික ජනතාවගෙන් සියයට 94.1 ක් සහ අවුරුදු 18 ත් 24 ත් අතර තරුණ ප්‍රජාවගෙන් සියයට 90 කට වැඩි පිරිසක්ද ඒ අතර වනවා.

තැපැල් ඡන්ද සඳහා මිලියන 1.2 ක් පමණ මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර එය පසුගිය වසරේ පැවති ෆෙඩරල් මැතිවරණයට වඩා 200,000 ක පමණ වැඩිවීමක් ලෙසයි තක්සේරු කර ඇත්තේ.

මේ අතර වඩාත් දුෂ්කර ප්‍රදේශවල මැතිවරණ කටයුතු ආරම්භ කිරීම සඳහා ලබන සතියේ සිට එම ප්‍රදේශවලට නිළධාරීන් පිටත්කර යැවීමටයි මැතිවරණ කොමිසම සූදානම් වන්නේ.

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »