සූදු – ඔට්ටු සහ ලොතරැයි නිසා QLD වැසියන් වසරකදී $ බිලියන 5.1 ක් අහිමි කරගනී

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ සූදු – ඔට්ටු සහ ලොතරැයි ක්‍රීඩාවල නිරත වන පුද්ගලයින් විසින් පසුගිය වසරේදී අහිමි කරගෙන ඇති මුදල ඩොලර් බිලියන 5.1 ක් බවට තක්සේරු කර තිබෙනවා.

මෙම පාඩුව පසුගිය වසරට සාපේක්ෂව සියයට 11.3 ක වැඩි වීමක් බවයි වාර්තා වන්නේ.

ඉලෙක්ට්‍රොනික සූදු ක්‍රීඩා යන්ත්‍ර හරහා සිදුව ඇති පාඩුව ඩොලර් බිලියන 3.2 ක් වන අතර කැසිනෝ ක්‍රීඩාවෙන් සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 800 ක්.

මේ අතර ලොතරැයි මගින් ක්වීන්ස්ලන්ඩ් වැසියන් විසින් වසරකට අහිමි කරගෙන ඇති මුදල ඩොලර් මිලියන 642.1 ක් බවට ගණන් බලා තිබෙනවා.

විවිධ ඔට්ටු තැබීම්වලින් ඔවුන්ට වසරකට සිදුව ඇති පාඩුව ඩොලර් මිලියන 313.8 ක්.

සූදූ ක්‍රීඩාවලින් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවාසීන් මුදල් අහිමිකර ගැනීම් වළක්වා ගැනීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් ඩොලර් මිලියන 7.8 ක මුදලක් ද වෙන් කෙරුණා.

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතයෙන් සූදු ක්‍රීඩාවේ නිරතවීම තහනම් කිරීමට අදාළ යෝජනා පසුගිය දා පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණා.

ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත හැකර්වරයකුගේ අතට

සයිබර් ප්‍රහාරයක් හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් මිලියන 12.9කගේ පුද්ගලික දත්ත කිසියම් කණ්ඩායමක් සොරාගෙන ඇති බව මෙඩිසෙකියුර් (MediSecure) සමාගම පවසනවා.

Read More »

මෙල්බන් ජනතාවගේ ජීවිත ගැන හිතාගන්න බැරි කතාවක්

ලෝකයේ ජීවත් විය හැකි නගර ලැයිස්තුව අතරින් පෙරමුණේ පසුවන මෙල්බන් නගර වැසියන්ගේ සාමාන්‍ය ජන ජීවිතයේ ගුණාත්මක භාවය නරක අතට හැරෙමින් ඇතැයි නව වාර්තාවක් මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

සතියක් ඇතුලත ශ්‍රී ලංකාවේ මන්ත්‍රීවරුන් 3ක් රිය අනතුරුවල

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය ඊයේ (17) රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා.

Read More »