ඔස්ට්‍රේලියාව තුළදී ලිංගික හිංසනවලට ලක්වන පිරිමින් විසින් උපකාර පැතීම ඉහළට

ඔස්ට්‍රේලියාව තුළදී ලිංගික හිංසනවලින් බලපෑමට ලක්වන පිරිමි පුද්ගලයින් විසින් උපකාර පැතීම ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ඔවුන්ට සහන සැපයීම සදහා නවතම උපකාරක සේවාවක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කාන්තා ලිංගික හිංසන සම්බන්ධව සමාජය තුළ කතාබහට ලක්වුවද පිරිමි පාර්ශවයට සිදුවන හිංසන සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු දක්නට ලැබෙන්නේ නැහැ.

2021 වසරට වඩා 2022 වර්ෂයේදී පිරිමි පාර්ශවය විසින් උපකාර සේවා වෙත සම්බන්ධ වීම දෙගුණයකින් ඉහළගොස් ඇති බවයි සංඛ්‍යාලේඛණවල දැක්වෙන්නේ.

සෑම වසරකම වාර්තා වන ලිංගික හිංසනවලට ලක්වන පිරිසෙන් සියයට 07 ක් පමණ පිරිමි පුද්ගලයන් වනවා.

අදාළ සේවා පවත්වාගෙන යන ආයතන පෙන්වා දෙන්නේ මේ වන විටත් අදාළ සේවා ලබා ගැනීමට විශාල පිරිසක් පොරොත්තු ලේඛණයේ සිටින බවයි.

Sexual assault support lines:

If you need someone to talk to, call:

ලොව ජනප්‍රිය සමාගමක ලොකු පුටුවකට මෙල්බන්හි උපාධිය හැදෑරූ ශ්‍රී ලාංකික කාන්තාවක්

Coca-Cola සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂවරිය ලෙස (Country Director Sri Lanka & Maldives) ශ්‍රී ලාංකිකයෙක් වන කෞෂාලි කුසුමපාල පත් කර ඇති බව එම සමාගම නිවේදනය කර තිබෙනවා.

Read More »

සිඩ්නි සාප්පු සංකීර්ණයේ පිහි ඇනුමට මැදිහත් වූ තවත් අයෙකුට ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය

බොන්ඩායි ජන්ෂන්හි සාප්පු සංකීර්ණයකඅ සිදු වූ පිහි ඇනුමේදී තුවාල ලැබූ පකිස්ථාන ජාතික ආරක්ෂක නිලධාරියාට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පුරවැසිභාවය ලැබෙන බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනිස් තහවුරු කර තිබෙනවා.

Read More »