ක්වීන්ස්ලන්ඩ් ඉදිකිරීම් නව රෙගුලාසි ලබන පළමුවනදා සිට – තරු 07 අනිවාර්යයි

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ නව නිවාස හා ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා වන නව රෙගුලාසි මාලාව ලබන ඔක්තෝබර් පළමුවනදා සිට බලාත්මකවීමට නියමිතයි.

ඒ අනුව අදාල ඉදිකිරීම් වෙත ප්‍රවේශ වීමේදී ආබාධිත ජනතාවට ඇති පහසුකම් මෙන්ම බලශක්ති පිරිවැය ආරක්ෂා කිරීම ඇතුලූ නිර්ණායක රැසකින් එම රෙගුලාසි මාලාව සමන්විත වනවා.

දැනට අවසර දෙනු ලබන්නේ තරු ශ්‍රේණ්ත කිරීම්වල 6/10 ක් ලෙස වන නමුත් ලබන වසරේ මැයි මස සිට බලශක්ති තරු පන්ති ශ්‍රේණිගත කිරීම් 10 න් 7 ක් ලබාගැනීම අනිවාර්යයි.

වික්ටෝරියා – දකුණු ඔස්ටේ්‍රලියා සහ නිවු සවුත් වේල්ස් ඇතුළු අනෙකුත් ප්‍රාන්තවල නව ගොඩනැගිලි සඳහා ද ලබන වසරේ සිට මේ හා සමගාමීව නව රෙගුලාසි ලබන වසරේ සිට හඳුන්වාදීමට නියමිතයි.

කෙසේවෙතත් ඉදිකිරීම් කර්මාන්තයේ නිරතවන්නන් පෙන්වා දෙන්නේ මෙම රෙගුලාසි හරහා නව ඉදිකිරීම් සඳහා වන පිරිවැය ඉහළ අගයක් ගනු ඇති බවයි.

ඒ හරහා දැනට කඩාවැටී ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රයට අනවශ්‍ය බලපෑමක් එල්ල වන බවත් ඔවුන් සඳහන් කර සිටිනවා.

ඔස්ට්‍රේලියා වීසා හිමියන්ට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

ලබන 30 වනදායින් වීසා කාලය අවසන් වන සංක්‍රමණිකයන්ට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ e-දුම්වැටි නීතිවල මතබේධාත්මක වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ඉලෙක්ට්‍රොනික දුම්වැටි සම්බන්ධයෙන් පවතින නීතිවල වෙනස්කම් කිහිපයක් අදියර දෙකක් යටතේ සිදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

Read More »