ඉහළ විකෘතිතා සහිත කොවිඩ් ප්‍රභේදයක් ඔස්ට්‍රේලියාවෙන් ද හමුවෙයි

පිරෝලා නමින් හැඳින්වෙන ඉහළ විකෘතිතා සහිත කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාධිතයෙකු ඔස්ට්‍රේලියාවෙන් ද හදුනාගෙන තිබෙනවා.

බටහිර ඔස්ට්‍රේලියාවේ රසායනාගාරයක සිදුකල පරීක්ෂණයකදීයි මෙම ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ.

මෙම නව ප්‍රභේදය ඔමික්‍රොන් කොවිඩ් වෛරස ප්‍රභේදයෙම තවත් අනු ප්‍රභේදයක් බවටයි හදුනාගෙන ඇත්තේ.

අමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍යයේ එය සීඝ්‍ර පැතිරීමක්ද පෙන්නුම් කෙරෙනවා.

නව ප්‍රභේදය ව්‍යාප්තිය සහ එහි බලපෑම සම්බන්ධව මෙරට සෞඛ්‍ය අංශ දැඩි අවදානයෙන් පසුවනවා.

උණ, ඇගපත වේදනාව, කැස්ස, හිසරදය සහ උගුරේ අමාරුව මෙහි රෝග ලක්ෂණ වන අතර එම ලක්ෂණ පැරණි කොවිඩ් රෝග ලක්ෂණවලට ද සමානයි.

අදාල රෝග ලක්ෂණ සහිත පුද්ගලයින් හැකිතාක් ආරක්ෂිතව නිවසේ රැදී සිටීම සුදුසු වන අතර නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසයි සෞඛ්‍ය අංශ උපදෙස් ලබා දී ඇත්තේ.

මේ අතර කොවිඩ් වෛරසයට අදාළ එන්නත් ලබාගෙන ප්‍රතිශක්තිකරණ පද්ධතිය නිසි පරිදි පවත්වාගෙන යන ලෙසටද ජනතාවට දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් පවසන්නේ නව වෛරස ප්‍රභේදය වඩතේ දරුණු තත්වයක් නොවන අතර ජනතාව ඒ සම්බන්ධව අවදානයෙන් පසුවිය යුතු බවයි.

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

හිටපු ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර් ගෘහස්ත හිංසනයට අදාළ වැරදි කිහිපයක් සම්බන්ධයෙන් වූ චෝදනා මත පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඔස්ට්‍රේලියානුවන්ගෙන් ඉල්ලීමක්

බොන්ඩායි ජන්ෂන්හි සිදු වූ පිහි ඇනුම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස ඔස්ට්‍රේලියානු රතු කුරුස සංවිධානය විසින් ඉල්ලීමක් ඉදිරිපත්ති කර තිබෙනවා.

Read More »

අතුරුදන් වෙන්න යන දූපත් සමූහයක් රැක ගන්න ඔස්ට්‍රේලියානු ඉංජිනේරුවෙක් පෙරට එයි

ඔස්ට්‍රේලියාව සහ හවායි අතර පිහිටි කුඩා දූපත් නවයකින් සැදුම්ලත් ටුවාලු රාජ්‍ය වසර 50ක් ඇතුළත අතුරුදහන් වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Read More »

මෙල්බන් ඇතුලු ප්‍රධාන නගර රැසක ආරක්ෂාව දැඩි කරයි

පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් අද ඔස්ට්‍රේලියානු නගර රැසක් අවහිර කරමින් විරෝධතා ව්‍යාපාරයක් සිදු කිරීමේ සැලසුමක් සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසනවා.

Read More »