
තරුණියකට ලිංගික අතවර සිදුකිරිමේ චෝදනා මත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගය අවසන් කර තිබෙනවා.
දින 04 ක් පුරා සාක්ෂි විමසීම් සහ විත්ති වාචක කැඳවීම සිදුකෙරුණේ සිඩ්නි නුවර දිස්ත්‍රික් අධිකරණයේදීයි.
නඩු විභාගය අද අවසන් කෙරුණද තීන්දුවක් ප්‍රකාශයට පත් නොකෙරුණු අතර එය ලබන බ්‍රහස්පතින්දා (28) නිවේදනය කිරීමට නියමිතයි.

මෙම චෝදනා මුලුමණින්ම අසත්‍ය බවත් සිය සේවාදායකයාගේ චරිතයට හාණියක් කිරීමේ අරමුණින් ගොතන ලද්දක් බවටත් පසුගිය දින 04 පුරා ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ මුරුගන් තංගරාජ් විසින් අධිකරයේදී අවධාරණය කලා.
කෙසේවෙතත් අදාළ තරුණියගේ පාර්ශවය එම මතය බැහැර කල අතර මෙම සිදුවීම හමුවේ ඇය දැඩි මානසික පීඩනයකට ලක්ව සිටි බවයි සඳහන් කෙරුණේ.

පසුගිය වසරේ පැවති පන්දුවාර 20 ලෝක කුසලානය අතරතුර සමාජ මාධ්‍ය ඔස්සේ හඳුනාගත් තරුණියකට ලිංගික අතවර කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයාට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කෙරුණා.
එයින් චෝදනා 03 ක් ඉවත් කර ගැනීමටයි ඔස්ටේ්‍රලියානු විමර්ශන අංශ පියවර ගත්තේ.
කෙසේවෙතත් අනෙක් පාර්ශවයේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල යෙදීම යන චෝදනාවට අදාළව ධනූෂ්ක ගුණතිලකට එරෙහිව මෙම නඩු විභාගය සිදු කෙරුණා.