ඔස්ට්‍රේලියාවෙන් මාස 12 ක කොවිඩ් විමර්ශනයක්

කොවිඩ් වසංගතයේදී කටයුතු කල ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම අගමැති ඇන්තනී ඇල්බනීස් නිල වශයෙන් නිවේදනය කරනු ලැබුවා.

මාස 12 ක් පුරා සිදු කෙරෙන මෙම විමර්ශනයේදී එවක පැවති ෆෙඩරල් රජය – ප්‍රාන්ත රජයන් සහ පළාත් පාලන ආයතන විසින් වසංගතයට මුහුණදුන් ආකාරය විමසා බැලෙනු ඇති.

අහිමි වූ ජීවිත – ලොක් ඩවුන් කිරීම් තීරණ – සහන මුදල් සැපයීම් වැනි සියල්ල පිළිබඳ මෙහිදී ගැඹුරින් විමසා බැලීමටයි නියමිතව ඇත්තේ.

කොවිඩ් වසංගතනේ පසු ඔස්ටේ්‍රලියාවේ සෑම ක්ෂේත්‍රයක්ම දැඩි වෙනසකට ලක්වූ බවත් එහිදී නිවැරදිම තීන්දු ගෙන ඇතිදැයි තහවුරු කර ගැනීම මෙම විමර්ශනයේ අපේක්සාව බවත් ඔහු තවදුරටත් සඳහන් කලා.

එමෙන්ම ඇතැම් විද්වත් උපදෙස් නොසළකා හැරි බවට එල්ල වන චෝදනා පිළිබඳවද මෙහිදී පුලුල් විමසීමක් සිදුකිරීමට නියමිතයි.

මෙම විමර්නය රාජකීය කොමිසමක් හා බලතල නොමැති වුවද වගකිව යුතු පාර්ශව කැඳවා සාක්ෂි ලබාගැනීමට අවස්ථාව පවතිනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »