90 දශකයේ මුල් භාගයේ පැවති ආර්ථික අවපාත තත්වයට පසු වාර්තා වන පහළම ආර්ථික වර්ධන වේගය ඉදිරි වසර 02 තුළදී මෙරටින් වාර්තා විය හැකි බවට අනතුරු ඇගවෙනවා.
උද්ධමනය සහ ගෝලීය අස්ථාවරත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ මන්දගාමී ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරන බවයි ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය පෙන්වා දෙන්නේ.
ඒ අනුව රට තුල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ලබන වසරේදී සියයට 1.3 ක් වැනි අවම අගයකට ලබන වසර තුළදී පහත වැටෙනු ඇති බව සඳහන්.
කෙසේ වෙතත් රජයේ භාණ්ඩාගාරය පුරෝකථනය කර ඇත්තේ එය සියයට 1.5 ක් වැනි අගයක පවතිනු ඇති බවටයි.
භාණ්ඩාගාරික අමාත්‍ය ජිම් චාමර්ස් පවසන්නේ ආර්ථිකය මන්දගාමී ලෙස පැවතියත් ඒ සදහා මුහුණ දීමට රට තුල නිසි වාතාවරණයක් පවතින බවයි.