නත්තල් වෙනුවෙන් Australia Post වෙතින් casual රැකියා 3,000 ක්

නත්තල් සමය වෙනුවෙන් 3,000 කට ආසන්න සේවකයන් පිරිසක් බඳවා ගැනීමට Australia Post තීරණය කර තිබෙනවා.

පාර්සල් හසුරුවන්නන් – Fork lift ක්‍රියා කරවන්නන් ඇතුලු රැකියා කිහිපයක් වෙනුවෙන් ඔවුන් බඳවා ගැනීමට නියමිතයි.

සියලුම ප්‍රාන්ත සඳහා මෙම බඳවා ගැනීම් සිදු කෙරෙන අතර නිවු සවුත් වේල්ස් – වික්ටෝරියා සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තවලයි වැඩිම ඉල්ලුමක් පවතින්නේ.

ඇතැමුන්ට නත්තල් සමයෙන් පසුවද අඛණ්ඩව Australia Post සමග සේවය කිරීමට පවා මෙහිදී අවස්ථාවක් උදාවිය හැකියි.

අන්තර්ජාල භාණ්ඩ බෙදා හැරීම් සේවාවක් වන ඇමසන් විසින් ද නත්තල් සමය වෙනුවෙන් සේවකයන් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »