Search

ජනමත විචාරණය නිසා ආර්ථික ගැටලු මගහැර ඇතැයි අගමැතිට චෝදනා

ඔස්ට්‍රේලියානුවන් මුහුණදෙන ජීවන වියදම අර්බුදයට විසඳුම් දීමෙන් ලේබර් රජය බැහැර වී නොමැති බව අගමැති ඇන්තනී ඇල්බනීස් අවධාරණය කරනවා.

කෙසේවෙතත් තවත් දින 24 කින් පැවැත්වීමට නියමිත ස්වදේශික හඩ ජනමත විචාරණය ජයග්‍රහාණය කිරීම සදහා මේ දින වල වැඩි බරක් තබා ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කෙසේවෙතත් ඇතැම් පාර්ශව චෝදනා නගන්නේ ජනමත විචාරණය සම්බන්ධව රජය වැඩි අවධානයක් යොමු කළ ද ආර්ථික ගැටලු සඳහා පිළියම් සෙවීමට අග්‍රාමාත්‍යවරයා කටයුතු නොකරන බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අගමැති ඇල්බනීස් පෙන්වා දී ඇත්තේ වසර 122 ක් පුරා ස්වදේශික ජනතාවට අහිමි වී පැවති අයිතිවාසිකමක් ලබාදීම මෙම යෝජනාවේ අරමුණ බවයි.

ස්වදේශික හඩ ජනමත විචාරණය යනු ජාතිය දෙකඩ කිරීමේ යෝජනාවක් බවටයි විපක්ෂ නායක පීටර් ඩට්න් චෝදනා කරන්නේ.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »