පුහුණු ශ්‍රමිකයින් සඳහා ඔස්ට්‍රේලියා වීසා ලබා දීම කඩිනම් කිරීමට ෆෙඩරල් රජය සූදානම් වනවා.
පවතින සංක්‍රමණ පද්ධතියට ගෙන ඒමට නියමිත පුලුල් ප්‍රතිසංස්කරණය මාලාවට එයද ඇතුළත් කර පුහුණු ශ්‍රමිකයින් සඳහා වැඩි අවස්ථාවක් ලබාදීම එහි අරමුණයි.
ඒ අනුව දැනට පවතින මාස ගණනක් ගතවන වීසා ක්‍රමවේදය සති කිහිපයක් දක්වා අඩු කර පුහුණු ශ්‍රමිකයින් සදහා වීසා අනුමත කෙරෙනු ඇති.
කෙසේවෙතත් අදාළ ප්‍රතිලාභ හිමිවන්නේ වාර්ෂිකව ඩොලර් 120,000 සිට ඩොලර් 150,000 දක්වා ඉපැයිය හැකි වඩාත් ඉහළම වෘත්තීය සුදුසුකම් සහිත ශ්‍රමිකයින් සදහා පමණක් බවද සඳහන්.
මීට අමතරව no skilled occupation list එකක් හඳුන්වාදීම කෙරෙහිද ෆෙඩරල් රජය අවධානය යොමු කර තිබෙනවා.
ඒ යටතේ ඩොලර් 70,000 කට වඩා අඩුවෙන් වාර්ෂික වැටුප් ලබන අඩු නිපුණතා ශ්‍රමිකයන් සඳහා අනුග්‍රාහකත්වය සැපයීමටද සේවා යෝජකයන්ට අවස්ථාවක් උදාවනු ඇති.
මෙම සියලු ප්‍රතිසංස්කරණ ඉදිරියේදී ෆෙඩරල් රජය විසින් නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතයි.
SOURCES :