වික්ටෝරියා Airbnb – Stayz වෙතින් ජනවාරි 01 සිට 7.5% ක බද්දක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කෙටිකාලීන නවාතැන් සේවා සපයන ආයතනවලින් බද්දක් අය කිරීමේ යෝජනාවට ප්‍රාන්ත කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙවවා.

ඒ අනුව 2025 වසරේ ජනවාරි 01 වනදා සිට Airbnb – Stayz ඇතුලු තාවකාලික කුලී සැපයුම් ආයතන වෙතින් සියයට 7.5 ක බද්දක් අයකෙරෙනු ඇති.

ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් සඳහන් කළේ අදාළ බදු මුදලින් ලැබෙන ආදායම වයස්ගත පුද්ගලයින් සදහා රැකවරණය සපයන ස්ථාන ගොඩනැගීමට අරමුදල් වශයෙන් ලබා දෙන බවයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ කෙටි කාලීන නවාතැන් සපයන ස්ථාන 36,000 ක් පමණ ඇති අතර එයින් වැඩි ප්‍රමාණයක් regional කලාප තුළ පිහිටා තිබීමද විශේෂත්වයක්.

කෙටි කාලීන නවාතැන් සපයන ස්ථාන අතුරින් 29,000 ක් පමණ අංග සම්පූර්ණ නිවාස ලෙසයි සඳහන්ව ඇත්තේ.

මේ අනුව කෙටි කාලීන නවාතැන් සපයන ස්ථාන සදහා බද්දක් අය කරන පළමු ප්‍රාන්තය බවට වික්ටෝරියා පත්වන අතර ඉදිරීයේදී අනෙකුත් ප්‍රාන්ත විසින්ද ඒ හා සමාන තීරණ ගනු ඇති.

කෙසේවෙතත් අදාළ සමාගම් පෙන්වා දෙන්නේ නිවාස ඉදිකිරීම් ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියට තමන් එකග නමුත් පණවා ඇති බදු ප්‍රතිශතය ඉහළ අගයක් ගන්නා බවයි.

සියයට 3-5 ත් අතර බද්දකට තමන් එකග බවත් අධික බදු අයකලහොත් වික්ටෝරියා සංචාරක කර්මාන්තය බිඳවැටිය හැකි බවත් ඔවුන් සඳහන් කරනවා.

NSW අයවැයෙන් ප්‍රාන්ත වැසියන්ට හිමි වන සහන මෙන්න

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ අඩු ආදායම්ලාභී පවුල් ඒකක සඳහා ඩොලර් 350 දක්වා බලශක්ති සහන ලබා දීමට මෙවර ප්‍රාන්ත අයවැයෙන් තීරණය කර තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ අපරාධ නතර කරන්න එන අලුත්ම නීතිය

වික්ටෝරියා ප්‍රාන්තයේ සිදු වන කිසියම් හෝ අපරාධයක වගකීම ගැනීමට හැකි වයස් සීමාව අවුරුදු 12 දක්වා ඉහළ නැංවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා ධවතුන් නිවාස හදන ප්‍රදේශ බදු කාර්යාල වාර්තා හෙළි කරයි

ඔස්ට්‍රේලියාවේ ධනවතුන් වැඩි වශයෙන් ජීවත් වන ප්‍රදේශවලට අයත් postcodes සම්බන්ධයෙන් නව වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

Read More »