සුපිරි වෙළඳසැල් සහ අවන්හල් තුළ කුකුල් මස් හිගයක අනතුරු ඇගවීමක්

කුකුල් මස් නිශ්පාදන සමාගමක සේවකයින් හෙට (22) සිට ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනයක් හේතුවෙන් සුපිරි වෙළඳසැල් සහ අවන්හල් තුළ කුකුල් මස් සහ ඒ ආශ්‍රිත ආහාර නිෂ්පාදනවල හිගයක් නිර්මාණය විය හැකි බවට අනතුරු ඇගවෙනවා.

වැටුප් වැඩි කිරීම් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙලෙස වෘත්තීය ක්‍රියාමාර්ග සැළසුම් කර ඇත්තේ මෙරට විශාලතම කුකුල්මස් සැපයුම් සමාගමක සේවකයන් විසිනුයි.

සේවකයින් පෙන්වා දෙන්නේ වසර තුනක සිට කිසිදු වැටුප් වර්ධකයක් තමන් වෙත ලැබී නොමැති බවයි.

එබැවින් සියයට 18 කින් වැටුප් වැඩි කල යුතු බවයි ඔවුන් අවධාරණය කරන්නේ.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පැවතියහොත් සුපිරි වෙළදසැල් සහ අවන්හල් වෙත දැඩි බලපෑමක් සිදුවිය හැකි බවටයි අනතුරු ඇගවෙන්නේ.

සිය ආයතනය වාර්ෂිකව ඩොලර් බිලියනයන පමණ ශුද්ධ ලාභයක් ලැබුවද සේවක වැටුප් වර්ධක සම්බන්ධව ආයතන ප්‍රධානින් සැලකිල්ලක් නොදක්වන බවටයි සේවකයින් චෝදනා නගන්නේ.

මේ වනවිටත් එහි සේවකයින් හට පැයකට ඩොලර් 25 ක මුදලක් ගෙවන අතර එම මුදල තවත් ඩොලර් 1.5 කින් වැඩි කරන ලෙසයි සේවකයින් ඉල්ලා සිටින්නේ.

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »