Search

වික්ටෝරියානුවන්ට තවත් $ 250 ක විදුලි ගාස්තු සහනයක් හිමිවන ළකුණු

වික්ටෝරියානුවන් සඳහා තවත් ඩොලර් 250 ක විදුලි ගාස්තු සහනයක් ලබාදීම කෙරෙහි ප්‍රාන්ත රජය අවධානය යොමු කර තිබෙනවා.

ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෘාස් සඳහන් කලේ ඉහළ ගොස් ඇති ජීවන වියදමට සහනයක් ලෙස මෙම ගාස්තු සහනය ලබාදීම කෙරෙහි අවධානය යොමු කර ඇති බවයි.

වික්ටෝරියා ප්‍රාන්තවාසීන් සඳහා පළමු වරට ගාස්තු සහනයක් හඳුන්වාදෙනු ලැබුවේ 2018 වසරේදී වන අතර නවතම සහනය නිමාවට පත්කෙරුණේ පසුගිය අගෝස්තු පළමුවනදායි.

කෙසේවෙතත් මෙම මුදල ප්‍රමාණවත් නොවන බවටයි පාර්ශව කිහිපයක්ම පෙන්වා දී ඇත්තේ.

වසරකට වික්ටෝරියානුවන්ට ගෑස් සහ විදුලි පරිවැය වෙනුවෙන් ඩොලර් 4,400 ක පමණ මුදලක් වැයවන බැවින් ඩොලර් 250 ක් යනු ඊට සාපේක්ෂව සුලු මුදලක් බවයි ඔවුන්ගේ ස්ථාවරය වන්නේ.

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »