Search

ශ්‍රමය සූරා කෑ ඔස්ට්‍රේලියානු සේවා යෝජකයන් 140 කට වැඩ වරදී

ඔස්ට්‍රේලියාව තුළ සිටින සංක්‍රමණික සේවකයින්ගේ ශ්‍රමය සූරා කන සේවායෝජකයින් 140 කට අධික සංඛ්‍යාවකගේ ව්‍යාපාර කටයුතු සඳහා දඩ සහ සම්බාධක පැනවීමට ඔස්ට්‍රේලියානු දේශ සීමා ආරක්ෂණ බලකාය පියවර ගෙන තිබෙනවා.

ජූලි මාසය තුළ දේශ සීමා ආරක්ෂණ නිලධාරීන් රට පුරා සිය මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබූ අතර එහිදී සංක්‍රමණික සේවකයින්ට වීසා සඳහා අනුග්‍රාහකත්වය සපයන සේවා යෝජකයින් මූලික ඉලක්කය වී තිබූ බව සඳහන්.

සේවා ස්ථාන අයිතීන්, නියමිත වැටුප් ගෙවීම, රැකියා කොන්දේසි මෙන්ම සේවකයින්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව පිලිබඳ එහිදී විමර්ශනය කර තිබුණා.

ජූලි මාසයේ සිදුකල වැටලීම්වලදී වැඩිම සම්බාධක සංඛ්‍යාවක් පණවා ඇත්තේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ව්‍යාපාර සඳහා වන අතර එය 49 ක්.

බටහිර ඔස්ට්‍රේලියා හි 40 ක් / නිව් සවුත් වේල්ස් 22 ක් / වික්ටෝරියා ප්‍රාන්තයේ 21 ක් සහ දකුණු ඔස්ට්‍රේලියාවේ 16 ක් ලෙස ව්‍යාපාර සඳහා සම්බාධක පණවනු ලැබ තිබෙනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »