වික්ටෝරියා ප්‍රාන්තයේ සියදිවි නසාගැනීම් වලින් සියයට 04 කට වැඩි ප්‍රමාණයකට හේතුව සුදු ක්‍රීඩා ආශ්‍රිත සිදුවීම් බව නවතම වාර්තා මගින් සොයාගෙන තිබෙනවා.
2009 සහ 2016 වසර අතර කාලවකවානුව තුළ සිදුවු සියදිවි නසා ගැනීම් අධ්‍යයනයේ දී එය තහවුරු කරගෙන ඇති අතර වර්තමානය වන විට මෙම තත්වය තවදුරටත් අයහපත් වී ඇති බව ද සඳහන්.
සමීක්ෂකයන් පෙන්වා දෙන්නේ සුදු ක්‍රීඩා සඳහා ඇබ්බැහිවූවන් එම ක්‍රීඩා රහසේ සිදු කරන අතර පවුලේ සාමාජිකයින්ගෙන් එය වසන් කර ඇති බවයි.
මේ අතර සුදූ ක්‍රීඩා කරන ස්ථාන වලින් ්ඔඵ යන්ත්‍ර ඉවත් කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ සූදු ක්‍රිඩා සම්බන්ධව දැනට පවතින නීති වසර අවසානය වනවිට තවත් දැඩි කිරීමටයි මේ වනවිටත් කටයුතු යොදා ඇත්තේ.
ඒ අනුව සූදු ක්‍රීඩා සඳහා වරකට යෙදවිය හැකි මුදල ඩොලර් 1000 සිට ඩොලර් 100 දක්වා සීමා කිරිමටත් – සූදු ක්‍රීඩා මධ්‍යස්ථාන දිනකදී අවම වශයෙන් පැය 06 ක් හෝ වසා තැබීමටත් නියමිතයි.
ඔන්ලයින් සූදූ ක්‍රීඩා සම්බන්ධයෙන් දැඩි රෙගුලාසි පැණවීමටද ෆෙඩරල් රජය මේ වනවිටත් පියවර ගෙන තිබෙනවා.
If you or anyone you know needs help:
- Suicide Call Back Service on 1300 659 467
- Lifeline on 13 11 14
- Aboriginal & Torres Strait Islander crisis support line 13YARN on 13 92 76
- Kids Helpline on 1800 551 800
- Beyond Blue on 1300 224 636
- Headspace on 1800 650 890
- ReachOut at au.reachout.com
- MensLine Australia on 1300 789 978