
ස්වදේශීක හඩ ජනමත විචාරණය යෝජනාවට විරෝධය පල කරමින් ඇඩිලේඩ් ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදුකල විරෝධතා දැඩිව හෙළා දකින බව අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
පෙරේදා රාත්‍රියේ කිසියම් පිරිසක් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවල නිරත වූ බවයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ හැසිරීම ද අග්‍රාමාත්‍යවරයාගේ දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.

විරෝධතා පැවැත්වීම නොව වෙනස්විය යුතු සංශෝධන පිළිබඳ ගෞරවාන්විත විවාදයක් පැවත්වීම වඩාත් සුදුසු බවයි අගමැතිවරයා සදහන් කළේ.
ජනමත විචාරණයට පක්ෂ හෝ විපක්ෂ තීන්දු තීරණ ගැනීමට ඔස්ටේ්‍රලියානුවන් හට ස්වාධීන නිදහසක් පවතින බව ද ඔහු වැඩිදුරටත් අවධාර’ණය කළා.

කිසිදු භේදයකින් තොරව සෑම පුරවැසියෙකු සදහා සමාන අවස්ථා ලබා දීම තම ලේබර් පක්ෂ රජයේ අරමුණ බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්තනි ඇල්බනීස් ප්‍රකාශ කළේ.
මේ අතර ස්වදේශීක හඩ ජනමත විචාරණයට පක්ෂව කටයුතු කරන පිරිස් වෙත විපක්ෂ කණ්ඩායම් මගින් බලපෑම් එල්ල වන බවට චෝදනා මතුව තිබෙනවා.
ඇබොරිජීන් ඇතුලූ ස්වදේශීක ජනතාවගේ අයිතාවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් එම යෝජනා වලට පක්ෂව කටයුතු කරන බවයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ.