ඔස්ට්‍රේලියාව තුළ Harley-Davidson යතුරු පැදි 3,700 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළදි අලෙවි කරන ලද හාර්ලි ඩේවිඩ්සන් (Harley-Davidson) වර්ගයේ යතුරු පැදි දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් නිෂ්පාදන දෝෂයක් හේතුවෙන් ආපසු කැඳවා තිබෙනවා.

පිටුප ටයරයට ඇතිවන පීඩනයේ වෙනසක් හමුවේ අනතුරු සිදුවීමේ ඉහළ සම්භාවිතාවයක් පැවතීමයි මීට හේතුව වන්නේ.

2017-2023 වසරවලදී නිෂ්පාදනය කරන ලද FLDE, FLHC, FLHCS, FLHCS ANV, FXLRS & FXLRST කාණ්ඩවලට අයත් යතුරු පැදි 3,676 ක් මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.

අදාළ යතුරු පැදි හිමිකරුවන්ට ළගම ඇති හාර්ලි ඩේවිඩ්සන් නියෝජිත ආයතනය අමතා නොමිළයේ පරීක්ෂාවක් සිදුකර ගත හැකියි.

එසේ නොමැතිනම් (02) 9886 0600 අංකය අමතා වැඩිදුර විස්තර ලබාගත හැකියි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »