Search

ඔස්ට්‍රේලියාව තුළ වසර 08 කට පසු El Nino තත්වයක් ප්‍රකාශයට පත් කරයි

ඔස්ට්‍රේලියාව තුළ අසාමාන්‍ය ලෙස උෂ්ණත්වය ඉහළයාමේ තත්වයක් හෙවත් “එල් නිනෝ” තත්වයක් නිල වශයෙන් කාළගුණ විද්‍යා කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා

ලබන වසරේ මුල් මාස කිහිපය දක්වා අසාමාන්‍ය කාළගුණ විපර්යාස අපේක්ෂා කල හැකි බවටයි එහිදී අනතුරු අගවා ඇත්තේ.

එල් නිනෝ තත්වය ලෝක දේශගුණික රටාවෙන් සියයට 60 කට ආසන්න බලපෑමක් සිදු කරන අතර එහි බලපෑම් වැඩි රාජ්‍යයන් අතරට ඔස්ට්‍රේලියාව ද ඇතුලත්.

ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවලට මෙහි බලපෑම ඉහළ අගයක පවතින බවටයි කාලගුණ අංශ අනාවැකි පළකර සිටින්නේ.

ඔස්ට්‍රේලියාව තුළදී එල් නිනෝ තත්වයක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණේ වසර 08 කට පසුව වීම ද විශේෂත්වයක්.

නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත තුළ අධික වියලි උණුසුම් කාළගුණයත් සමග සුළි කුණාටු – අකුණු – ලැව් ගිනි අවධානම ඉහළ මට්ටමක පැවතිය හැකි බවටද අනතුරු අගවා තිබෙනවා.

මීට පෙර 2019 සහ 2020 වසරවලදී විනාශකාරී ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 33 දෙනෙකු මිය ගිය අතර නිවාස 3000 ක් පමණ මුලූමනින්ම විනාශ වුණා.

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »