සතියක කාලයක් තුළ සමස්ත ඔස්ටේ්‍රලියාවම ආවරණය වන පරිදි සිදු කල මත්ද්‍රව්‍ය වැටලීම් වලදී ඩොලර් මිලියන 475ක් වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය වටලා තිබෙනවා.
ෆෙඩරල් පොලීසිය සඳහන් කළේ අදාළ වැටළීම් අතර තුර පුද්ගලයින් 1,000 කට අධික පිරිසක් මේ යටතේ අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර අයිස් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 814 ක් ද MDMA වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝ 182 ක් හා ගංජා කිලෝග්‍රෑම් 185 ක් ද සොයා ගැණුනා.
පර්ත් හි වලදමා තිබුයදී මත්ද්‍රව්‍ය කිලෝ 15 ක් සහ තදාසන්න ප්‍රදේශයන්හි පදුරු ආශ්‍රිතව සහවා තිබියදී මත්ද්‍රව්‍ය කිලෝ 12ක් ද සොයාගත් බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තයේ හරිතාගාර 06 ක් තුළ වගා කල ගංජා පැල 2284 ක් සොයා ගෙන තිබෙන අතර එම පැල විනාශ කිරීමටයි පොලීසිය පියවර ගෙන ඇත්තේ.
සංවිධානාත්මක අපරාධ සහ නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්ධන ආර්‍යංශය සදහන් කලේ නිති විරෝධී මත්ද්‍රව්‍ය පාලන වැටලීම් ඉදිරියේදීත් ක්‍රියාත්මක බවයි.