ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට ඔක්තෝබර් 01 සිට සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළට

ඔස්ට්‍රේලියානුවන් මිලියන 05 කට පමණ බලපැවැත්වෙන පරිදි සෞඛ්‍ය රක්ෂණ වාරික ඉහළ දැමීමට රක්ෂණ සමාගම් 05 ක් පියවර ගෙන තිබෙනවා.

ලබන ඔක්තෝබර් පළමුවනදා සිට සියයට 2.9 කින් වාරික ඉහළ දැමීමට නියමිත අතර මේ අනුව වසරකට ඩොලර් 170 කින් පමණ සමස්ත වාරික මුදල් ඉහළ යනු ඇති.

Bupa, NIB, GMHBA, Qantas සහ Frank යන සමාගම් විසිනුයි මෙලෙස රක්ෂණ වාරික වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.

මෙම ඇතැම් සෞඛ්‍ය රක්ෂණ සමාගම් විසින් මීට මාස 06 කට පමණ ඉහතදී මෙම වාරික වැඩි කිරීමට නියමිතව තිබුණද රක්ෂණ හිමියන්ට ලබාදෙන සහනයක් ලෙස එය ප්‍රමාද කෙරුණා.

මේ අතර ආර්ථික විශ්ලේෂකයන් ජනතාවට උපදෙස් දෙන්නේ තමන්ට වඩාත් සුදුසුම සෞඛ්‍ය රක්ෂණාවරණය වෙත යොමුවන ලෙසයි.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »