ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට අද සිට දීමනා ඉහළ නැංවීමක්

ඔස්ට්‍රේලියානුවන් මිලියන ගණනකට දීමනා ඉහළ නැංවීමක් අද සිට බලාත්මක වනවා.

මේ අනුව තනි පුද්ගල විශ්‍රාමිකයන් සඳහා වන විශ්‍රාම වැටුප් දීමනාව සති 02 කට ඩොලර් 32.70 කින් හෙවත් ඩොලර් 1,096.70 දක්වා ඉහළ යනු ඇති.

සහකරු හෝ සහකාරිය නොමැතිව ජීවත්වන ළමුන් නොමැති අවුරුදු 22 ට වැඩි තනි අයෙකු සඳහා සති 02 ක් සඳහා වන Jobseeker දීමනාව ඩොලර් 56.10 කින් වැඩි කර ඇත්තේ ඩොලර් 749.20 දක්වායි.

ළමුන් සිටින එවැනි අය සඳහා ඩොලර් 57.30 කින් Jobseeker දීමනාව වැඩි කර ඇති අතර එහි නව අගය ඩොලර් 802.50 ක්.

අවුරුදු 55 ට වැඩි තනිව ජීවත්වන පුද්ගලයන් සඳහා වන Jobseeker දීමනාව ද ඩොලර් 802.50 ක් දක්වා ඉහළ යනු ඇති.

සහකරු හෝ සහකාරිය සමග ජීවත්වන අය සඳහා Jobseeker දීමනාව ඩොලර් 54.80 කින් ඉහළ යන්නේ ඩොලර් 686 ක් දක්වායි.

තරුණ දීමනාව ඩොලර් 40 කින්ද – නිවාස කුළී සහන දීමනාව ඩොලර් 174 ත් 184 ත් අතර අගයකින්ද අද සිට වැඩි කර තිබෙනවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »