Search

ඉදිරි සති කිහිපය තුළ මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල වෙනසක්

ඉදිරි සති කිහිපය තුළ මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල යම් වෙනසක් සිදු කිරීමට නියමිත බවට ෆෙඩරල් සංචිත බැංකුව විසින් නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව මෙරට ඉතිහාසයේ පළමු වරට මුදල් නෝට්ටුවල මහ බැංකුවේ අධිපතිවරයාගේ අත්සන සහිත ස්ථානයේ කාන්තාවකගේ අත්සන සටහන් වනු ඇති.

හිටපු මහ බැංකු අධිපති ෆිලිප් ලෝ ගේ අත්සන වෙනුවට ඊයේ සිට එම තනතුරට පත්වූ මිචෙල් බුලොක්ගේ අත්සන යෙදීමට නියමිත වීම ඊට හේතුවයි.

මීට අමතරව භාණ්ඩාගාර ලේකම්වරයාගේ අත්සන ද සාමාන්‍ය පරිදි මුදල් නෝට්ටුවල අන්තර්ගත කෙරෙනු ඇති.

මුදල් නෝට්ටුවල වෙනස් කම් පමණක් නොව සමස්ත බැංකු පද්ධතියේම ප්‍රතිසංස්කරණ ඇති කරන බවටයි නව අධිපතිනිය සහතික වූයේ.

මෙතෙක් සෑම මාසයකටම වරක් පැවති පොළී අනුපාතික තීරණය කිරීම ලබන වසරේ සිට සෑම සති 06 කට වරක් ලෙස වෙනස් කිරීමද ප්‍රධාන වෙනසක් වනවා.

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »