“ලිංගික කටයුතු නිරතවීමේදී නීති විරෝධී කටයුත්තක නිරත වූයේ නෑ”

සිඩ්නි තරුණියක සමග ලිංගික කටයුතුවල නිරතවීමේදී තමා කිසිදු නීති විරෝධී කටයුත්තක නිරත නොවු බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පවසනවා.

සිඩ්නි අධිකරණයක් හමුවේ නඩුව අද විභාගයට ගත් අවස්ථාවේදීයි ඔහු මේ බව සඳහන් කර ඇත්තේ.

ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පළමුවෙන් චෝදනා 04 ක් ගොණු කර තිබූ නමුත් එයින් 03 ක් මේ වනවිට ඉවත් කරගෙන තිබෙනවා.

තරුණියගේ කැමැත්තකින් තොරව ලිංගික කටයුතුවල නිරතවීමේ චෝදනාව පමණක් ඔහුට එරෙහිව තවමත් පවතිනවා.

අද අධිකරණයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් සඳහන් කෙරුණේ සිය සේවාදායිකාවට එක් අවස්ථාවකදී මරණ බිය පවා දැනී ඇති බවයි.

Sexual assault support services:

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »