Search

කටාර් ගුවන් සේවා සෙනෙට් විමර්ශනයට ක්වන්ටාස් හිටපු CEO කැඳවීමට නියෝග

අමතර ගුවන් සේවා සඳහා කටාර් ගුවන් සේවයේ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට අදාළව සිදුකෙරෙන සෙනෙට් විමර්ශනය සඳහා ක්වන්ටාස් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී ඇලන් ජොයිස් කැඳවීමට ද නියෝග කර තිබෙනවා.

මෙම සෙනෙට් විමර්ශනය ලබන සතියේ ආරම්භ වීමට නියමිතයි.

කෙසේවෙතත් ඊට සහභාගී වීම ක්වන්ටාස් හිටපු ප්‍රධාන විධායක නිළධාරියා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා.

අමතර ගුවන් සේවා සැපයීමට අදාළ යෝජනා ප්‍රතික්ෂේප කිරීමට ෆෙඩරල් රජයට ක්වන්ටාස් ගුවන් සේවය විසින් බලපෑම් කර ඇති බවට පළවු වාර්තා හේතුවෙන් සෙනෙට් පරීක්ෂණයක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

අදාළ සෙනෙට් පරීක්ෂණය එළඹෙන සතියේ දී ආරම්භ වීමට නියමිත අතර ඔස්ට්‍රේලියාවේ කටාර් තානාපති සහ කටාර් සිවිල් ගුවන් සේවා අධිකාරිය ඇතුලූ නිලධාරීන් ද ඊට කැඳවීමට නියමිතයි.

මේ අතර කටාර් ගුවන් සේවා ප්‍රධානී අක්බාර් අල් බේකර් කරුණු 09 ක් පෙන්වා දෙමින් සදහන් කර ඇත්තේ අමතර ගුවන් සේවා සීමා කිරීමට ෆෙඩරල් රජය ගත් මෙම තීරණය අසාධාරණ බවයි.

අදාළ අමතර ගුවන් සේවා 21 යෙදවීම මගින් ගුවන් ගාස්තු සියයට 40 කින් පහත දැමිමට ද හැකිව පැවති බවයි විචාරකයන් පෙන්වා දෙන්නේ.

හැරී කුමරුට මරණ තර්ජන

එක්සත් රාජධානියේ පොලිස් ආරක්ෂාව අඩු කිරීමෙන් පසු තමාට ත්‍රස්තවාදීන් විසින් මරණීය තර්ජන එල්ල කරන බව හැරී කුමරු පවසනවා.

Read More »

කොරෝනා මිනිසුන් නිපදවූවාදැයි සැකයක් ?

කොරෝනා වයිරසය මිනිසා විසින් සාදන ලද රෝග කාරකයක් බවට තහවුරු කරමින් ධවල මන්දිරය නව වෙබ් අඩවියක් ආරම්භ කර තිබෙනවා. එමගින් ඔවුන් සදහන් කරන්නේ කොවිඩ්-19 වෛරසය

Read More »