සිඩ්නි බටහිර ප්‍රදේශයේදී අතුරුදන්වු දරුවන් 04 දෙනෙකු සොයා පුලුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
පසුගිය සෙනසුරාදා පස්වරු 06.45 සිට ඔවුන් මෙලෙස අතුරුදන්වී සිටින බවයි වාරතා වන්නේ.
16 හැවිරිදි ගැහැණු ළමයෙකු / 12 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු සහ 09 හැවිරිදි පිරිමි ළමයෙකු ඒ අතර වනවා.
මැද පෙරදිග සම්භවයක් සහිත මෙම ළමුන් පිළිබඳ තොරතුරක් වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.