සර්පයා ප්‍රදර්ශනය කල ඔස්ට්‍රේලියානුවෙකුට වාර්තාගත දඩයක්

සුරතලයට ඇති කරන තම පිඹුරා ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කල ඔස්ට්‍රේලියානුවෙකුට ඩොලර් 2,322 ක වාර්තාගත දඩයක් නියම කර තිබෙනවා.

මෙම තැනැත්තා අදාළ සර්පයා ද සමග රළ මත ලිස්සා යාමේ (surfing) ක්‍රීඩාවක නිරත වන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත්වී තිබුණා.

මෙම සත්වයා ඇති දැඩි කිරීම සඳහා ගෝල්ඩ් කෝස්ට් හි පදිංචි අදාළ තැනැත්තාට බලපත්‍රයක් පැවතියද එහි දක්වා ඇති ස්ථානවල පමණක් සත්වයා තබා ගත යුතු වනවා.

කිසියම් අයුරකින් එම ස්ථානවලින් බැහැරට සර්පයා ගෙන යන්නේ නම් විශේෂ අවසර බලපත්‍රයක් ලබාගත යුතු බවයි ඔස්ට්‍රේලියානු වනජීවී දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ.

සර්පයාගේ මෙන්ම පොදු මහජනතාවගේ ආරක්ෂාවද සළකා මෙම දඩය පණවන බවයි බළධාරී්න් සඳහන් කලේ.

ඔස්ට්‍රේලියාවට එන සංක්‍රමණිකයන්ට රැකියා සොයා ගැනීම ගැන උපදෙස් මාලාවක්

ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණිකයින් සඳහා මෙරට රැකියා වෙළඳපල තුළ නව රැකියාවක් කඩිනමින් සොයා ගැනීම පිළිබඳ උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් යළි කැඳවයි

නිෂ්පාදන දෝෂ කිහිපයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී SUV මෝටර් රථ කිහිපයක් නැවත කැඳවීමට ඇස්ටන් මාර්ටින් සමාගම් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

පිහි පරික්ෂාවට පොලිසිය නව නීති ඉල්ලයි

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තය පුරා පිහි ඇනුම් සිදුවීම් ගණනාවක් වාර්තා වීම හේතුවෙන් පොලිස් නිලධාරීන්ට ප්‍රසිද්ධියේ පිහි සෝදිසි කිරීම් සිදු කළ හැකි වන පරිදි නීති හඳුන්වා දෙන ලෙස ප්‍රාන්ත පොලිස් සංගමය ඉල්ලීමක් කරනවා.

Read More »

Today’s Topstories 2024.04.23

ඉලොන් මස්ක්ගේ ප්‍රතිචාරය ගැන අගමැතිගෙන් චෝදනා උණ ආසාදිතයන් ඉහළ යාම හමුවේ එන්නත් ලබා ගන්නැයි දැනුම්දීමක් සිඩ්නි විශ්ව විද්‍යාලයෙන් ජාත්‍යන්තර සිසුන්ට ශිෂ්‍යත්ව Woolworths කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ඇඳුමට කැමරාවක්   ශ්‍රී ලංකන් එයාර් ලයින්ස් මිලදී ගන්න ධම්මික පෙරේරාත් සූදානමින්

Read More »