
2023-24 වසර සඳහා වන නිවු සවුත් වේල්ස් රජයේ අයවැය ලේඛණය අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.
විදුලි සහ මාර්ග ගාස්තු සහන මෙන්ම සේවක හිගය මග හැරවීමට අදාළ යෝජනා කිහිපයක්ද අයවැයට ඇතුළත් කර තිබෙනවා.
පසුගිය ප්‍රාන්ත මැතිවරණ සමයේදී ලේබර් පක්ෂ රජය විසින් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කිරීමද ඒ යටතේ සිදුවනු ඇති.

රියදුරන් 720,000 කට පමණ සහන සැළසෙන පරිදි සතියක මාර්ග ගාස්තු ඩොලර් 60 ක උපරිමයකට යටත් කිරීම ඒ අතරින් ප්‍රධාන වනවා.
මේ හරහා වසරකට ඩොලර් 200 ත් 540 ත් අතර සහනයක් ඔවුන්ට ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විදුලි ගාස්තු සහනයක් ලබාදීම සඳහා ඩොලර් මිලියන 100 ක මුදලක්ද වෙන් කිරීමට නියමිතයි.
ආදායම් මට්ටම අනුව එක් නිවසකට ඩොලර් 285 ත් 350 ත් අතර මුදලක් ලබා දෙනු ඇති.
එමෙන්ම අත්‍යවශ්‍ය සේවක හිගය මගහරවාලීම වෙනුවෙන් ඩොලර් බිලියන 3.6 ක අත්‍යවශ්‍ය සේවා අරමුදලක් ස්ථාපිත කිරිම සඳහාද වන යෝජනාවක්ද අද නිවු සවුත් වේල්ස් අයවැයට අන්තර්ගතයි.
නිවු සවුත් වේල්ස් අයවැයට ඩොලර් මිලියන 224 ක වටිනාකමින් යුත් නිවාස සහන පැකේජයක්ද ඇතුළත් කර තිබෙනවා.
සමාජීය නිවාස 50,000 ක් ඉදි කිරීම එහි මුලික අරමුණ බවයි ප්‍රාන්ත අගමැති ක්‍රිස් මින්ස් නිවේදනය කලේ.
එමෙන්ම දැනට ඉදි කෙරෙමින් පවතින මහල් නිවාස සංකීර්ණ වැඩි දියුණු කිරීම සඳහා ද ඩොලර් මිලියන 70 ක මුදලක් හෙට අයවැයට ඇතුළත් බව සඳහන්.