Search

සංචිත බැංකුවේ නව ප්‍රධානී ලෙස මිෂෙල් බුලොක් වැඩ භාරගනී

ඔස්ටේ්‍රලියා සංචිත බැංකුවේ නව ප්‍රධානී ලෙස මිෂෙල් බුලොක් අද වැඩ භාරගනු ලැබුවා.

1959 වසරේදි සංචිත බැංකුව පිහිටුවීමෙන් පසු මෙම තනතුරට පත්වන පළමු කාන්තාව ඇය වීම ද විශේෂත්වයක්.

වසර 07 ක් එම ධූරය හොබවන ලද ආචාර්ය ෆිලිප් ලෝ ගේ ධුර කාලය පසුගියදා අවසන් වුණා.

ගතවූ මාස 14 ක කාලය තුළ අවස්ථා 11 කදී පොළී අනුපාතික අගයන් ඉහළ දැමීම හමුවේ ඔහු පාර්ශව රැසක දෝෂදර්ශනයට ද ලක්වුණා.

මිෂෙල් බුලොක් විසින් ප්‍රකාශයට පත් කරන පළමු පොළී අනුපාතික තීරණය ලබන ඔක්තෝබර් 03 වනදාට යෙදී තිබෙනවා.

Auslankatv Today’s Top Stories.2024.10.06

වැරදි පුරුදු නිසා ඔස්ට්‍රේලියා තරුණයන්ට රැකියා අහිමි වීමේ අවදානමක් පිළිකා ඇති ඔස්ට්‍රේලියානුවන්ට මෙල්බන්වලින් සුබ ආරංචියක් මෙල්බන්වලදී ශ්‍රී ලාංකිකයෙකුගේ මෝටර් රථයක් පැහැරගනී ඔක්තෝබර් මාසයේ Long Weekend

Read More »

ඔස්ට්‍රේලියාවේ මාරක මකුළුවෙකුගේ විෂ මගින් හෘද රෝගීන්ට ප්‍රතිකාරයක්

ඔස්ට්‍රේලියාවේ මාරාන්තික මකුළුවෙකුගේ විෂ භාවිතා කර හෘද රෝගීන් සඳහා ඖෂධයක් නිපදවීමට මෙරට විශේෂඥයන් පිරිසක් සමත්ව තිබෙනවා.

Read More »

ජීවිත දෙකක් නැති කළ වික්ටෝරියා ප්‍රාන්තයේ අනතුර

වික්ටෝරියා ප්‍රාන්තයේ ටුබුට් (Tubbut) ප්‍රදේශයේ බගී (buggy) රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා දරුවෙක් ඇතුලු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »