ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50 කට දැවී යයි

අසියානු කුසලාන අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 50කට සියලුදෙනා දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකර යාමට ඉන්දීය පන්දු යවන්නන් අවස්ථාව ලබාදුන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා ලෙස කුසල් මෙන්ඩිස් පන්දු 34 කට මුහුණු දෙමින් ලකුණු 17 ක් පමණක් රැස් කළා.

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මොහමඩ් සිරාජ් පන්දුවාර 07 ක් තුළ ලකුණු 21 ක් පමණක් ලබාදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු 06 ක් බිඳ හෙලුවා.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »