කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුවෙන් පන්දුවට පහර දෙයි

ආසියානු කුසලාන අවසාන මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක දසුන් ශානක සමත්විය.

ඒ අනුව ඔහු පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (17) ශ්‍රී ලංකාව සහ ඉන්දීය කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ දී ආරම්භ වීමට නියමිත ව තිබේ.

එම තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගේ පහසු සඳහා ක්‍රීඩාංගණයේ දොරටු අද දහවල් 12 සිට විවෘතව තබන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසා සිටියේ, අද දිනයේ කෙත්තාරාම ක්‍රීඩා පිටිය ආසන්නයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බවය.

“ඔබ වාහනයකින් එනවා නම් ඔබට කෙත්තාරාම මංසන්ධියේ දී වාහනවලින් බැසීමට සිදුවනවා. ඉන්පසුව අදාළ රථගාල් තියෙනවා 10ක් පමණ. මෙම රථගාල්වල වාහන නතරකිරීමේ හැකියාව තියෙනවා. කිසිම ආකාරයෙන් තැරැව්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය නෑ. එම රථගාල්වල ඔබට රථය නතර කළ හැකියි කිසිදු මුදල් ගෙවීමකින් තොරව.”

“ඒ වගේම ඔබට ඇතුළුවිය හැක්කේ ප්‍රවේශපත්‍රයක් ඔබ සතුව තිබෙනවා නම් පමණයි. කිසිම හේතුවක් නිසා ඇතුළු වන දොරටුවලින් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමක් සිදුකරන්නේ නෑ. ඒ වගේම ව්‍යාජ ප්‍රවේශ පත්‍ර අලෙවි කරනවා යම් යම් පුද්ගලයින් ක්‍රීඩාපිටිය අවට ඒවා මිලදී ගන්න යන්න එපා. පසුගිය දිනවලත් එවැනි ව්‍යාජ ප්‍රවේශපත්‍ර විවිධ මිල ගණන්වලට විකුණපු අවස්ථා වාර්තා වෙලා තිබුණා. ඔබ දොරටුවකින් ඇතුළු වෙද්දි ප්‍රවේශපත්‍රය පරීක්ෂා කරනවා QR කෝඩ් එක.”

“යම් ආකාරයකින් ක්‍රිකට් තරගය නැරඹීමට ඇතුළුවීමට නොහැකි අය මාළිගාවත්තේ පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේ සහ ගාලුමුව දොර තිර දෙකක් සවිකර තිබෙනවා. ඒ අයට එම තිර ඉදිරිපිට ක්‍රීඩා තරගය නැරඹීමට හැකියාව තියෙනවා.”

“ඔබ ප්‍රවේශපත්‍රයක් අරන් යද්දි ඔබගේ ශරීරය පරීක්ෂාවකට ලක්කරනවා. ගමන් මලු පරීක්ෂා කරනවා. ඒ වගේම උල් ආයුධ අරන් යන්න දෙන්නේ නෑ. ඒ වගේම වීදුරු වතුර බෝතල් ගෙනියන්න දෙන්නේ නෑ. ගිනිපෙට්ටි, නලා, පෝස්ටර්, ලයිටර් හෝ ගෑස් අඩංගු දෑ සහ ආරක්ෂාවට බාධා වන කිසිදු දෙයක් ගෙනියන්න බෑ. එමෙන්ම හෙල්මට්, ජැකට් ගෙනියන්න බෑ. මේ ගැන සැලකිසිමත් වෙන්න.”

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »

වසර 06 ක් පුරා සේවකයන්ට අඩු වැටුප් ගෙවා ඇතැයි UNSW ට එරෙහිව විමර්ශනයක්

නිවු සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය හෙවත් UNSW ට එරෙහිව සේවක වැටුප් නොගෙවීමේ චෝදනා මත Fairwork ඔම්බුඩ්ස්මන් කාර්යාලය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »