2021 ට වඩා 2022 දී Scam නිසා අහිමිවූ මුදල 469% කින් ඉහළට

මාර්ග ගාස්තු (road toll) වංචා සම්බන්ධ පැමිණිලි 14,585 ක් පසුගිය වසර තුළදී ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම වෙත ලැබී තිබෙනවා.

ඒ අනුව වංචාවට ලක්ව ඇති මුදල ඩොලර් 664,000 කට ආසන්න බවටයි ගණන් බලා ඇත්තේ.

මෙම වංචාවලට සම්බන්ධ දුරකථන අංක 12,000 ක් පමණ මේ වනවිටත් අවහිර කර ඇති බව සඳහන්.

මේ අතර පසුගිය වසරේදී ඔස්ට්‍රේලියානුවන් විසින් විවිධ ඔන්ලයින් වංචාවලට හසුවීමෙන් අහිමි කරගත් මුදල් ඩොලර් මිලියන 24.6 ක් ලෙස තක්සේරු කර තිබෙනවා.

එය 2021 වසරේදී ඩොලර් මිලියන 4.3 ක් ලෙස පැවති අතර ඒ අනුව වංචාවලට ලක්වු මුදලේ ඉහළයාම සියයට 469 ක්.

කෙසේවෙතත් බළධාරීන් වෙත වාර්තා නොවන පැමිණිලි සංඛ්‍යාව සළකා බැලීමේදී මෙම මුදල තවත් ඉහළ යනු ඇති බවයි පැවසෙන්නේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ Skilled Visa Migration Nomination වැඩසටහන අවසන්

වික්ටෝරියා ප්‍රාන්තයේ 2023-2024 මූල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණ වීසා වැඩසටහනට (Skilled Visa Migration Nomination Program) ලියාපදිංචි වීමට ලබාදුන් කාල සීමාව අවසන් වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේදී ඇගයීමට ලක්වූ ශ්‍රී ලාංකීය කිරිබත්

ඔස්ට්‍රේලියාවේ මාස්ටර් චෙෆ් තරඟාවලිය සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලාංකික තරුණියක් පිළිබඳ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි අවධානයක් යොමුවී තිබෙනවා.

Read More »

නිවාඩු කාලය තුළ සේවකයන්ට බලපෑම් කළොත් ඔස්ට්‍රේලියාවේ ආයතන ප්‍රධානීන්ට දඩ

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත සේවකයින්ගෙන් සියයට 64කට පමණ ප්‍රමාණවත් නිවාඩු සහ දීමනාවක් නොලැබෙන බව පර්යේෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »