Search

ඡන්දයට ලියාපදිංචි වීමට ඔස්ට්‍රේලියානුවන්ට දී ඇති කාලය අදින් අවසන්

ස්වදේශික හඩ ජනමත විචාරණයේදී ඡන්දය භාවිත කිරීම සඳහා ලියාපදිංචි වීමට ඔස්ට්‍රේලියානුවන්ට ලබාදී ඇති කාලය අද එනම් සැප්තැම්බර් 18 වනදායින් අවසන් වනවා.

අද  රාත්‍රී 08 තෙක් ඒ සඳහා කාලය පවතින අතර මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවියට පිවිස තම තොරතුරු යාවත්කාලීන කරන ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ලබන මස 11 වනදා දක්වා සිදුකෙරන බවයි මැතිවරණ කොමිසම දන්වා සිටින්නේ.

ප්‍රාන්ත වශයෙන් පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම ලබන මස 02 සහ 03 දිනවලදි ආරම්භ කිරීමට නියමිතයි.

ස්වදේශික හඩ ජනමත විචාරණයේ ඡන්ද විමසීම පැවැත්වෙන්නේ ඔක්තෝබර් 14 වන සෙනසුරාදා දිනයේදීයි.

ඔස්ට්‍රේලියානු පාරිභෝගිකයින් අතර ජනප්‍රිය “Trusted Brands” ප්‍රකාශයට පත් කෙරේ

2024 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ වඩාත්ම විශ්වාසදායක වෙළඳ නාම 20 පිළිබඳ නවතම වාර්තාවක් අද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ලබන සඳුදා සිට ලංකාවේ Passport ගන්න පහසු වෙයි

ලබන සඳුදා සිට ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු සාමාන්‍ය පරිදි යළි ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසනවා.

Read More »

අයහපත් කාලගුණය පිළිබඳ මෙල්බන් වැසියන්ට දැනුම් දීමක්

ඉදිරි දින කිහිපය තුළ මෙල්බන්, ඇඩිලේඩ්ල පර්ත් සහ බ්‍රිස්බේන් යන නගර වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා කාර්යංශය නිවේදනය කර තිබෙනවා.

Read More »

අවම කාලයකින් වැඩි සේවාවක් ලබාගත හැකි නගර අතර මෙල්බන් පෙරමුණට

විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුළ පුද්ගලයින්ට අවශ්‍ය පොදු සේවා කඩිනමින් ලබා ගත හැකි නගර පිළිබඳ නවතම අධ්‍යනයක් සිදු කර තිබෙනවා.

Read More »