විදුලි සහ මාර්ග ගාස්තු සහන යෝජනා කිහිපයක් හෙට NSW අයවැයට

විදුලි සහ මාර්ග ගාස්තු සහන මෙන්ම සේවක හිගය මග හැරවීමට අදාළ යෝජනා කිහිපයක්ද හෙට ඉදිරිපත් කෙරෙන නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජයේ අයවැයට ඇතුළත් කර තිබෙනවා.

පසුගිය ප්‍රාන්ත මැතිවරණ සමයේදී ලේබර් පක්ෂ රජය විසින් ලබාදුන් ප්‍රධාන පොරොන්දු ගණනාවක් ක්‍රියාත්මක කිරීම සඳහා මුදල් වෙන් කිරීමද ඒ යටතේ සිදුවනු ඇති.

රියදුරන් 720,000 කට පමණ සහන සැළසෙන පරිදි සතියක මාර්ග ගාස්තු ඩොලර් 60 ක උපරිමයකට යටත් කිරීම ඒ අතරින් ප්‍රධාන වනවා.

මේ හරහා වසරකට ඩොලර් 200 ත් 540 ත් අතර සහනයක් ඔවුන්ට ලැබෙනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

විදුලි ගාස්තු සහනයක් ලබාදීම සඳහා ඩොලර් මිලියන 100 ක මුදලක්ද වෙන් කිරීමට නියමිතයි.

ආදායම් මට්ටම අනුව එක් නිවසකට ඩොලර් 285 ත් 350 ත් අතර මුදලක් ලබා දෙනු ඇති.

එමෙන්ම අත්‍යවශ්‍ය සේවක හිගය මගහරවාලීම වෙනුවෙන් ඩොලර් බිලියන 3.6 ක අත්‍යවශ්‍ය සේවා අරමුදලක් ස්ථාපිත කිරිම සඳහාද වන යෝජනාවක්ද හෙට නිවු සවුත් වේල්ස් අයවැයට අන්තර්ගතයි.

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්

පැතිර යන රෝගයක් නිසා NSW සෞඛ්‍ය අංශවලින් අනතුරු ඇඟවීමක්නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් සංඛ්‍යාව සියයට 33කින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

උත්සවවලට අවශ්‍යම වන ද්‍රව්‍ය කිහිපයකට NSW ප්‍රාන්ත කවුන්සිලයකින් තහනමක්

නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ බයිරන් බේ කවුන්සිලය විසින් සැරසිලි ද්‍රව්‍ය කිහිපයක් සඳහා තහනමක් පැනවීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

හැමෝටම බලපාන හේතුවක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර කිහිපයක් මුල් තැනට එයි

එළඹෙන මූල්‍ය වර්ෂයේදී නිවාස මිල වැඩි වශයෙන් ඉහළ යන නගර අතුරින් පර්ත්, ඇඩිලේඩ්, සිඩ්නි සහ බ්‍රිස්බේන් මුල් තැනට පත්වනු ඇතැයි නව සමීක්ෂණ මගින් තහවුරු වී තිබෙනවා.

Read More »

රුධිර පරිත්‍යාගයෙන් මෙල්බන් පදිංචිකරුවෙක් වාර්තාවක් පිහිටුවයි

877 වන වරටත් රුධිරය පරිත්‍යාග කිරීමෙන් පසු මෙල්බර්න් නගරයේ ජීවත් වන පුද්ගලයෙක් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ක්‍රියාකාරී රුධිර පරිත්‍යාගශීලියා බවට පත් වී තිබෙනවා.

Read More »