ක්වීන්ස්ලන්ඩ් ලැව්ගිනි 02 ක් ගැන අනතුරු ඇගවීමක්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි 02 ක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට අනතුරු අගවා තිබෙනවා.

ග්ලාස් හවුස් මවුන්ටන්ස් ජාතික උද්‍යානය සීමාවේ ප්‍රදේශ 02 ක ජනතාවට වහා ඉවත්වන ලෙසටයි දන්වා ඇත්තේ.

එමෙන්ම මධ්‍යම ක්වීන්ස්ලන්ඩ් හි එමරල්ඩ් නගරය ආසන්නව පැතිර යන ලැව්ගින්නක් පිළිබඳවද ජනතාවට අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා.

ආපදා අනතුරු ඇගවීම් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලැව්ගිනි අවධානම් සිතියමෙහි ඇතුළත් අනෙකුත් ප්‍රදේශවල ජනතාවටද උපදෙස් දී ඇත්තේ.

https://www.abc.net.au/news/2023-09-17/queensland-bushfires-beerwah-emerald-emergency-warning-leave-now/102866768

නිවාස සොයන අයට සහනයක් ගෙන එමින් බැංකු සහ මූල්‍ය ආයතනවලට නව නීති මාලාවක්

රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති ප්‍රතිසංස්කරණ හේතුවෙන් පොලී අනුපාත වෙනස්වීම් ඇතුලු කරුණු කිහිපයක් පිළිබඳව ගනුදෙනුකරුවන් දැනුවත් කිරීමට බැංකු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

සිඩ්නි දේවස්ථානයේ පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුකරථනයෙන් හමුවූ දේ

සිඩ්නි දේවස්ථානයක පිහි ඇනුමට සම්බන්ධ බාල වයස්කරුගේ දුරකථනයේ ඇති වීඩියෝ සහ ඡායාරූප දහස් ගණනක් පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »

වලංගු ප්‍රවේශ පත්‍ර නොමැතිව ගිය පාසල් සිසුන්ට වෙච්චි දේ

පර්ත් සහ ඒ අවට ප්‍රදේශවල වලංගු ප්‍රවේශ පත්‍රයක් නොමැතිව පොදු ප්‍රවාහනය භාවිත කිරීමේ චෝදනා මත ට්‍රාන්ස්පර්ත් (Transperth) විසින් පාසල් සිසු සිසුවියන් 1300කට වැඩි පිරිසකට දඩ නියම කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ රැකියා කරන අයගෙන් වැඩි පිරිසක් සේවය හැර යාමේ සූදානමක්

එළඹෙන වසර තුළ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 30කට වැඩි පිරිසක් සිය රැකියාවෙන් ඉවත් වීමට ඉඩ ඇති බව නව පර්යේෂණයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »