2023 සිඩ්නි මැරතන් තරගාවලියේ ජය මොරොක්කෝ ජාතිකයෙකුට

2023 සිඩ්නි මැරතන් තරගාවලියේ ජය හිමි කර ගැනීමට මොරොක්කෝ ජාතික 31 හැවිරිදි ඔත්මේන් එල් ගවුම්රි සමත්වුණා.

තරගය අවසන් කිරීම සඳහා ඔහු ගත කර තිබූ කාලය පැය 02 යි විනාඩි 08 යි තත්පර 20 ක්.

මෙවර තරගාවලිය සඳහා 17,000 කට අධික පිරිසක් සහභාගී වී තිබුණා.

සිය ජයග්‍රහණය මොරොක්කෝ භූමි කම්පාවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් කැප කරන බවයි ඔත්මේන් එල් ගවුම්රි සඳහන් කලේ.

සිඩ්නි මැරතන් ඉතිහාසයේ වැඩිම තරගකරුවන් පිරිසක් සහභාගී වූ අවස්ථාවද මෙවර සටහන් වීම විශේෂත්වයක්.

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »