Search

ජනමත විචාරණය ජයගනු ඇති බවට අගමැති ඉහළ බලාපොරොත්තුවක

ස්වදේශික හඩ ජනමත විචාරණය ජයගනු ඇති බවට අගමැති ඇන්තනී ඇල්බනීස් නැවත විශ්වාසය පළකරනවා.

සියයට 30 කට ආසන්න පිරිසක් තමන් පක්ෂව හෝ විපක්ෂව ඡන්දය භාවිත කරන්නේද පිළිබඳ තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ජනමත විචාරණයේදී රජයේ ස්ථාවරය හෙවත් යෝජනාවට “Yes” ලෙස ඡන්දය ප්‍රකාශ කරන පිරිස අඩු අගයක් ගනු ඇති බවටයි පූර්ව මත විමසුම් කිහිපයකින්ම අනාවරණය වූයේ.

මේ අනුව ඉදිරි සති 04 තුළදී පාලක ලේබර් පක්ෂය විසින් දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් සැළසුම් කර ඇති බවටයි වාර්තා පළවන්නේ.

ස්වදේශික හඩ ජනමත විචාරණ ඡන්ද විමසීම ඔක්තෝබර් 14 වන සෙනසුරාදා දිනයේදී පැවැත්වීමට නියමිතයි.

මහීෂ් තීක්ෂණ ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට

අයි සී සී නවතම ශ්‍රේණිගත කිරීම්වල එක්දින පන්දු යවන්නන්ගේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව තිබෙනවා.

Read More »