Search

සුප්‍රකට සිඩ්නි මැරතන් තරගාවලිය අද – මාර්ග රැසක් වැසේ

සුප්‍රකට සිඩ්නි මැරතන් තරගාවලිය අද පැවැත්වෙනවා.

40,000 කට අධික පිරිසක් ඊට සහභාගී වන අතර ඔස්ට්‍රේලියා ඉතිහාසයේ මැරතන් තරගයක් සඳහා වැඩිම පිරිසක් සහභාගී වන්නේ මෙවර වීම විශේෂත්වයක්.

මේ වෙනුවෙන් අද අලුයම 03.30 සිට පස්වරු 03 දක්වා අධියර කිහිපයක් යටතේ මාර්ග රැසක් වසා තැබීමටද නියමිතයි.

එමෙන්ම පොදු ප්‍රවාහන සේවා වාර සඳහාද සංශෝධන සිදුකර ඇති බවයි නිවු සවුත් වේල්ස් බළධාරීන් සඳහන් කලේ.

තරගය පැවැත්වෙන අවස්ථාවලදී හැකිතාක් පුද්ගලික වාහන මගින් සිඩ්නි කලාපයට ඇතුලුවීමෙන් වළකින්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.

මගී ජනතාවට ඇතිවිය හැකි අපහසුතා අවම කිරීමට උපරිම පියවර ගෙන ඇති බවයි නිවු සවුත් වේල්ස් බළධාරීන් කියාසිටියේ.

අද සිඩ්නි නගරයේ ක්‍රියාත්මක රථ වාහන ධාවන සැළැස්ම පිළිබඳ සවිස්තර තොරතුරු පහතින් :

https://www.9news.com.au/national/sydney-road-closures-sunday-september-17-marathon-full-list-map/a285588f-7055-4bca-aeb8-6c48af620b32

සිලින්ඩරයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට ෆයිසර් මුස්තාෆා නම් කෙරේ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සදහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆාගේ නම යෝජනා වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද රු.190ට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 10) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 191 කට ආසන්න වී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රධාන ගංගාවක භයානක මෝරු තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ගිප්ස්ලන්ඩ් හි පිහිටි මෙචෙල් ගඟේ මසුන් ඇල්ලීමේ සහ පිහිනුම් කටයුතුවල නිරත වන ඔස්ට්‍රේලියානුවන්ට බලධාරීන් විසින් විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව වෙනස්කම් රැසක්

එළඹෙන නවසීලන්ත තරගාවලිය සදහා සහභාගී වන ඔස්ට්‍රේලියානු කාන්තා සංචිතය සදහා නවක ක්‍රීඩිකා ජෝර්ජියා වෝල් එක් කර තිබෙනවා.

Read More »