වික්ටෝරියා ප්‍රාන්තයේ තරුණ අපරාධකරුවන් මර්දනයට අමතර බලතල ලබාදෙන්නැයි වික්ටෝරියා ප්‍රාන්ත පොලිස් කොමසාරිස් ෂේන් පැටන් ඉල්ලීමක් කරනවා.
විශේෂයෙන් අවුරුදු 10 ත් 13 ත් අතර පිරිස් අත්අඩංගුවට ගැනීමේදී ප්‍රායෝගික ගැටලු රැසකට මුහුණදීමට සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
වික්ටෝරියා හි අවම අපරාධ වයස අවුරුදු 10 සිට 12 දක්වා ඉහළ නැංවීමට පසුගිය අප්‍රේල් මාසයේදී ප්‍රාන්ත සභාව අනුමැතිය ලබාදුන්නා.
2027 වසර වනවිට එය අවුරුදු 12 සිට 14 දක්වා ඉහළ නැංවීමට නියමිතයි.
මෙම තත්වය හමුවේ අවුරුදු 10 වැනි වයස්වල සිටින දරුවන් අපරාධ සඳහා සෘජුව සම්බන්ධ වූවිට ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අතිශය අසීරු බවයි වික්ටෝරියා පොලිස් කොමසාරිස්වරයා අවධාරණය කරන්නේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ ළමුන් බාල අපරාධ සඳහා යොමුවීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව මෑතකදී නිකුත් වූ වාර්තාවක සඳහන් වුණා.