COVID -19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයෙන්!
COVID-19 වෛරසයට එරෙහිව කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙකු නිෂ්පාදනය කළ හෙළ ඔසුව පිළිබඳ අවසන් සායනික පරීක්ෂණවල නිගමනය ඉදිරි මාසය ඇතුළත රජයට දැනුම්දෙන බව ආයුර්වේද බලධාරීන් පවසයි.
හිටපු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා ඒ බව හෙළිකළේය. දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කළේ එම ඖෂධය සාර්ථක වුවහොත් ශ්‍රී ලාංකික ජනතාවට එය නොමිලේ ලබාදීම පිළිබඳ සාකච්ඡා සිදුකෙරෙමින් පවතින බවය.
COVID – 19 වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති අතර සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අවධානය ඊට යොමු විය.