Search

සිඩ්නි පිහිණුම් තටාකයකදී රසායනිකයක් වෙත නිරාවරණය වී 10 ක් රෝහලේ

සිඩ්නි පිහිණුම් තටාකයකදී රසායනික ද්‍රව්‍යයක් වෙත නිරාවරණය වීම හමුවේ පුද්ගලයන් 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ මෙම සිදුවීම වාර්තා වි ඇති බවයි ආපදා සහන සේවා අංශ සඳහන් කලේ.

ඒ වනවිට අදාළ ස්ථානයේ සිටි 30 කට ආසන්න පිරිසක් ඉවත් කිරීමටද පියවර ගෙන තිබෙනවා.

අදාළ තටාකයට මිශ්‍ර කර තිබු ක්ලෝරීන් ඇතුලු රසායනික ද්‍රව්‍ය නියමිත ප්‍රමාණයන්ගෙන් තිබූ බවටද අනාවරණය වී තිබෙනවා.

එබැවින් මෙම අසාත්මිකතාවයට නිශ්චිත හේතුව සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.