Search

පොදු රාජ්‍ය ක්‍රිඩා අවලංගු කිරීම පිළිබඳ සෙනෙට් විමර්ශන වාර්තාව එයි

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙල අවලංගු කිරීමට ගත් පියවර සම්බන්ධ සෙනෙට් මණ්ඩල විමර්ශන වාර්තා ප්‍රාන්ත අගමැති ඩැනියෙල් ඇන්ඩෲස් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ පැවැත්වීමට නියමිතවූ අදාළ තරගාවලිය අවලංගු කිරීම සහ ඩොලර් මිලියන 360 ක වන්දි ලබා දීම සම්බන්ධව සෙනෙට් මණ්ඩල විමර්ෂණ පසුගියදා ආරම්භ වුණා.

අදාළ අවලංගු කිරීම් කල් තියා දැනුම් දීය යුතු බවයි සෙනෙට් වාර්තා පෙන්වා දී ඇත්තේ.

අරමුදල් සම්බන්ධ මෙන්ම සත්කාරකත්වය දැරීමට කැමති අනෙකුත් ප්‍රාන්ත මෙන්ම ප්‍රදේශ සම්බන්ධයෙන් කඩිනමින් දැනුම් දෙන ලෙසද එම වාර්තා වැඩිදුරටත් දක්වා තිබෙනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීට ක්‍රිඩා උළෙල අවලංගු කිරීම පිළිබඳ ඉහළ මන්ත්‍රී මණ්ඩල පරීක්ෂණයක් ද ආරම්භ කර තිබෙන අතර ඔක්තෝබර් මස මුල් සතිය තුළ එම කරුණු විමසීම් ආරම්භ කිරිමට නියමිතයි.

නව සත්කාරක රාජ්‍යයක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් 2026 වසරේ පැවැත්වීමට නියමිත තරගාවලිය වසරකින් ප්‍රමාද වනු ඇති බවටද වාර්තා පළවී තිබෙනවා.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »