Search

ටස්මේනියා වැඩිහිටි – aged care නේවාසිකයන්ට ඖෂධ නිර්දේශ කිරීමට ඖෂධවේදීන්ට අවස්ථාව

ටස්මේනියා ප්‍රාන්තයේ නාගරික නොවන ප්‍රදේශවල වෙසෙන වැඩිහිටි මෙන්ම aged care මධ්‍යස්ථානවල නේවාසිකයන් සඳහා ඖෂධ නිර්දේශ කිරීමට ඖෂධවේදීන්හට අවස්ථාව ලබා දී තිබෙනවා.

ඔස්ටේ්‍රලියාව තුළ එවැනි අවස්ථාවක් ක්‍රියාත්මක කෙරෙන පළමු අවස්ථාව මෙය වන අතර regional ප්‍රදේශ වල වෙසෙන ජනතාවගේ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.

රෝගීන්ගේ ගමනාගමන වියදම් මෙන්ම වෛද්‍යවරුන් හමුවීමට යන කාලයද ඒ හරහා අවම වනු ඇති.

ඖෂධවේදීන් සඳහා සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ බලතල ලබා දෙන්නැයි දීර්ඝ කාලයක සිට කරනු ලබන ඉල්ලීම් සඳහාද මෙමගින් විසඳුම් හිමිවන බවයි සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මෙහිදී අවසර දී ඇත්තේ බරපතල නොවන රෝග සදහා ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමට පමණයි.

පහසුකම් අවම ටස්මේනියා ප්‍රාන්තයේ ග්‍රාමීය ප්‍රදේශවල වෙසෙන ජනතාවට ඖෂධවේදීන් මගින් වෛද්‍ය සේවා ලබා දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සංගම් ද ප්‍රසාදය පල කර තිබෙනවා.

එමගින් දේශීය වෛද්‍යවරුන් සහ ඖෂධවේදීන් අතර සමීප සම්බන්ධතාවක් ගොඩනගමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ගොඩනැගීමට හැකියාව ලැබෙනවා.

කෙසේ වෙතත් වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලබන මාත්‍රා වෙනස් කිරීමට හෝ බරපතල රෝග සම්බන්ධව ඖෂධ නිර්දේශ කිරීමට ඖෂධවේදීන් හට අවස්ථාව ලබා දීම සම්බන්ධව තවමත් එකගතාවයකට පැමිණ නැහැ.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »