Search

ඔස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී තීරණයක්

ජාතික කණ්ඩායමේ සහ දේශීය කණ්ඩායම් සඳහා ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සුවිශේෂී තීරණයක් ගැනීමට ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රිකට් ක්‍රීඩකයින් පිතිකරණයේ යෙදෙන විට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ආරක්‍ෂිත හිස් වැසුම් සඳහා ගෙල ආවරණ සවිකරගත යුතුය.

වේග පන්දු යවන්නන්ට සහ මද වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන විට පිතිකරුවන් එම ආරක්‍ෂිත උපාංගය සවිකර ගැනීම අනිවාර්යයෙන් කළ යුතුයි.

ඔස්ට්‍රේලියාවේ සිටි සුපිරි තරුණ වමත් පිතිකරුවකු වූ පිලිප්ස් හියුස් පන්දුවක් ගෙලෙහි පිටුපස වැදීමෙන් ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරුව ආරක්ෂක හිස් වැසුමට ගෙල ආවරණයක් හඳුන්වා දීම 2015 වසරේදී සිදුකළේය.

නමුත් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සිටින ඩේවිඩ් වෝනර්, සහ ස්ටීව් ස්මිත් එය පැලඳගෙන පිතිකරණයේ යෙදීමට වැඩි කැමැත්තක් නොදක්වයි.

එහෙත් නව රීතිය අනුව ගෙල ආරක්‍ෂිත උපාංගය සිය ආරක්‍ෂිත හිස් වැසුමට අනිවාර්යයයෙන් සවිකරගත යුතුය.

 

 

(Ada Derana)

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »