
Airbnb වැනි ආයතන විසින් සපයන කෙටිකාලීන නවාතැන් සඳහා වික්ටෝරියා ප්‍රාන්තයේ ලබන සතියේ සිට නව ගාස්තුවක් අය කෙරෙනු ඇති බවට වාර්තා පළවනවා.
ඒ අනුව නවාතැන් ගනු ලබන පුද්ගලයන්ගෙන් සියයට 7.5 ක නව බද්දක් ලෙස එම මුදල අය කරගනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.
එක් දිනයක් සඳහා ඩොලර් 17 ත් 42 ත් අතර වන පරිදි එම අමතර ගාස්තුව නියම කෙරෙනු ඇති.

මෙම යෝජනාවට පසුගිය සඳුදා වික්ටෝරියා ප්‍රාන්ත රජයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය දී තිබුණා.
දීර්ඝ කාලින නවාතැන් සොයන්නන් සඳහා වැඩි පහසුකම් සැළසීමයි මෙහි අරමුණ වන්නේ.
