Search

ක්වන්ටාස් සමාගමට තවත් ප්‍රබල අවාසි සහගත තී්රණයක් පාරිභෝගික කොමිසම ගනී

ක්වන්ටාස් සමාගමට තවත් ප්‍රබල අවාසි සහගත තී්රණයක් ඔස්ට්‍රේලියානු පාරිභෝගික කොමිසම විසින් ගෙන තිබෙනවා.

ඒ අනුව චීන රාජ්‍ය හිමිකාරීත්වය සහිත China Eastern ගුවන් සේවය සමග පැවති දීර්ඝ කාලීන සහයෝගීතාවය ලබන වසරේ මාර්තු මාසයෙන් පසු තවදුරටත් පවත්වාගෙන යෑම දීර්ඝ නොකිරීමටයි නියම කර ඇත්තේ.

ඔස්ට්‍රේලියාව සහ චීනය අතර ඒකාබද්ධ ගුවන් ගමන් සිදුකිරීම සඳහා පැවති මෙම ගිවිසුම හරහා ගුවන් ගමන් ගාස්තු අසීමිත ලෙස ඉහළ යා හැකි බවට පාරිභෝගික කොමිසම නිගමනය කර තිබෙනවා.

2015 වසරේදී පළමු වරට ඇතිකරගත් මෙම ගිවිසුම 2021 වසරේදී නැවතත් දීර්ඝ කරනු ලැබුවා.

කෙසේවෙතත් දැනට සිඩ්නි සහ ෂැංහයි අතර සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරන එකම ගුවන් සේවය China Eastern බැවින් ඔවුන් සතු ඒකාධිකාරිය සැළකිල්ලට ගෙනයි පාරිභෝගික කොමිසම මෙම තීරණයට එළැඹී ඇත්තේ.

ලබන 06 වනදාට පෙර මේ සම්බන්ධයෙන් ස්ථාවරය දක්වන ලෙස අදාළ ගුවන් සමාගම් වෙත පාරිභෝගික කොමිසම විසින් නියම කර තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීමේ ගාස්තු ඉහළට

නව විශ්ලේෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන්ට විශේෂඥ වෛද්‍යවරුන් හමුවූවීම සදහා විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව අනාවරණය වී තිබෙනවා. ඔස්ට්‍රේලියානුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකු විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම

Read More »

AI ඔස්සේ ව්‍යාජ නිරුවත් වීඩියෝ සෑදූ සිසුවෙකුට චෝදනා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පාසලක ගැහැනු ළමුන්ගේ නිරුවත් වීඩියෝ AI ඔස්සේ ව්‍යාජ ලෙස නිර්මාණය කර සිසුවෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. ඔහු මෙම රූප Snapchat ඔස්සේ වෙනත් සිසුන්ටද

Read More »

HIV තුරන් කරන්න Melbourne පර්යේෂකයින් සැරසෙයි

ඔස්ට්‍රේලියාවේ Melbourne නුවර පිහිටි Doherty Institute හී පර්යේෂකයන් විසින් HIV වෛරසය සම්පුර්ණයෙන්ම සුව කිරීමට හැකි අලුත් ක්‍රමයක් සොයාගෙන තිබෙනවා. මෙය COVID-19 එන්නත සදහා භාවිතා කළ

Read More »

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »