කාර්ය බහුල නොවන වේලාවන් හිදී Opal ගාස්තු සහනය සිකුරාදා දිනවලටත්

නිවු සවුත් වේල්ස් හි Opal කාඩ් ක්‍රමයට හඳුන්වාදෙන නව සංශෝධන ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව දැනට කාර්ය බහුල නොවන වේලාවන් හිදී පොදු ප්‍රවාහන සේවා භාවිත කරන මගීන්ට ලබාදී ඇති සියයට 30 ක ගාස්තු සහනය සිකුරාදා දිනවලදීත් ලබාදීමට නියමිතයි.

මෙතෙක් එම සහනය හිමිවූයේ සති අන්තයේ සහ පොදු නිවාඩු දිනවල කාර්ය බහුල වේලාවන් ලෙස සැළකුණු පෙරවරු 06.30 ත් පෙරවරු 10.30 ත් සහ පස්වරු 03 ත් රාත්‍රී 07 ත් අතර කාලයෙන් බැහැර වේලාවන් හිදීයි.

කෙසේවෙතත් සතියක් තුළදී ගමන්වාර 08 ක් සම්පූර්ණ කල මගීන්ට ලබාදී තිබූ ගාස්තුවෙන් අඩක් අය කිරීමේ සහනය නතර කිරීමටද තීරණය වී තිබෙනවා.

ඉහළ ගොස් ඇති උද්ධමනයට සමගාමීව මෙම Opal ගාස්තු සහනය ලබාදෙන බවයි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය නිවේදනය කර සිටින්නේ.

මෙම සියලු සංශෝධන ලබන ඔක්තෝබර් 16 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »