Search

ගිණිකොණ සහ නැගෙනහිර ප්‍රාන්තවල උෂ්ණත්වයේ ඉහළයාමක් අද සිට

ගිණිකොණ සහ නැගෙනහිර ප්‍රාන්තවල උෂ්ණත්වයේ ඉහළයාමක් අද සිට අපේක්ෂා කෙරෙන බව කාළගුණ විද්‍යා කාර්යාංශය පවසනවා.

ඒ අනුව සෙල්සියස් අංශක 04 ත් 08 ත් අතර අගයකින් උණුසුම ඉහළ යා හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

කෙසේවෙතත් ලබන සතිය වනවිට ඇතැම්විට නිවු සවුත් වේල්ස් හි සාමාන්‍ය උෂ්ණත්වය අංශක 10 ත් 15 ත් අතර අගයකින් වැඩිවිය හැකි බවටද අනාවැකි පළවනවා.

ඒ අනුව හෙට සිට සතියක පමණ කාලයක් සිඩ්නි නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 ත් 36 ත් අතර අගයක පැවතිය හැකියි.

42,000 කට ආසන්න පිරිසක් සහභාගී වීමට නියමිත ලබන ඉරිදා පැවැත්වෙන සිඩ්නි මැරතන් තරගයටද අධික උණුසුම බලපෑම් කරනු ඇති බවටද අනතුරු අගවා තිබෙනවා.

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »

ජනපති ට්‍රම්ප් අගමැති ඇල්බනීස් සමග සාකච්ඡාවකට

ෆෙඩරල් මැතිවරණයෙන් පසු වෙළඳාම සහ තීරුබදු පිළිබඳව අගමැති ඇන්තනි ඇල්බනීස් සමඟ කතා කරන බව අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.

Read More »