ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට

කඩුලු 2කින් පාකිස්තානය පරාජය කළ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

ඒ අනුව එළඹෙන ඉරිදා ශ්‍රී ලංකා කණ්ඩායම කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදී ඉන්දීය කණ්ඩායම සමග ආසියානු කුසලානයේ අයිතිය උදෙසා තරග කරනු ඇති.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 42 ක අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 252ක් රැස්කරගනිමින් තරගයේ ජය හිමිකරගැනීමට සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ මාවතට ගෙන එමින් ලකුණු 91ක් රැස්කර ගැනීමට සමත්විය.

පන්දු 87ක් තුළ ගොඩනැගූ ඔහුගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 8ක් ඇතුළත් විය.

මෙන්ඩිස්ට අගනා සහායක් ලබාදුන් සධීර සමරවික්‍රම පන්දු 51කදී හතරේ පහර 4ක් සමග ලකුණු 48ක් රැස්කළේය.

අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආරක්ෂිතව ජයග්‍රහණය කරා රැගෙන යාමට චරිත් අසලංක සමත්විය.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක පන්දු 51කදී හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමග ලකුණු 49ක් රැස්කරගත්තේය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 42ක් අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 252ක් රැස්කරගත්තේය.

කෙසේ වෙතත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව තරගය ජයගැනීමට සඳහා වූ ඉලක්කයද පන්දුවාර 42කදී ලකුණු 252ක් දක්වා අඩුකෙරුණි.

Mohammad Rizwan ලකුණු 86කින් පාකිස්තාන ලකුණු පුවරුව ශක්තිමත් කළේය.

ඔහුගේ ඉනිමට හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් ඇතුළත් විය.

පාකිස්තානය වෙනුවෙන් හයේ පහර 2ක් සහ හතරේ පහර 3ක් සමග පන්දු 69කදී ලකුණු 52ක් රැස්කරගැනීමට Abdullah Shafique සමත්විය.

පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 65කට කඩුලු 3ක් දවාගැනීමට සමත්විය.

ප්‍රමෝද් මධුශාන් ලකුණු 58කට කඩුලු 2ක් දවාගත්තේය.

මෙල්බන් ලාංකික දියණියක් ලෝක යොවුන් මේස පන්දු ශූරතා ඔස්ට්‍රේලියා කණ්ඩායමට

2023 ලෝක යොවුන් මේස පන්දු ශූරතාවය සඳහා ඔස්ට්‍රේලියාව නියෝජනය කිරීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත සනායා බුද්ධදාස ක්‍රීඩිකාවටද අවස්ථාවක් ලැබී තිබෙනවා.

Read More »

මැලේසියාවේ දී ලාංකික 03 ක් ඝාතනය කළ බවට සැක ලාංකික 02 ක් භාරවෙයි

මැලේසියාවේ සෙන්තුල් ප්‍රදේශයේදී ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු එරට පොලීසියට භාර වී තිබේ.

Read More »